හෙරළි ගසක අතු කපන්න ගසට නැගි සිසුවා මරුට

හූරිගස්වැව ප්‍රදේශයේ අධිබලැති විදුලි කම්බියක ගැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (21) දහවල් මෙම දරුවා කොස් ගසෙහි අතු පෑහීමට ගසට නැගි අවස්ථාවේදී ඒ අසලින් ගමන් කරන අධිබලැති විදුලි කම්බියක ගැටී ඇති බවයි.

10 ශ්‍රේණියේ මකුලෑව ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටි චලක්ෂණ විජේරත්න නමැති පාසල් සිසුවෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

ඔහු දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහලා වන බවත් වාර්තාවනවා.

මෙම සිසුවා සිය මිත්තණිය සහ සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කැපීමටයි ගොස් ඇත්තේ.

කපන ලද කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක [වොට් 33000] දැවටීමෙන් දරුවාට ද විදුලිසැර වැදී ඔහු ගසින් පහළට ඇදවැටී තිබෙනවා.

අනතුරින් පසු මෙම දරුවා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිට ද මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18