හෙද පුහුණුවට බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණ ජනවාරි 13 සිට

හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ 2024 වසරේ ජනවාරි මස 13 වනදා දින සිට පෙබරවාරි මස 18 වනදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

මෙරට රජයේ රෝහල්වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව විධිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බැලීම සදහා විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මෙහිදී, අයදුම්පත් යොමු කළ හෙද අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් පවත්වා ඔවුන් හෙද පුහුණූවට ඇතුලත් කිරීමට පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව 2019/2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත්වී හෙද පුහුණුව සඳහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් පුහුණුවට තෝරා ගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

මෙම සම්මුඛ පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයේ හා දිවයින පුරා හෙද විදුහල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අයදුම්කරුවන් 4000කට අධික ප්‍රමාණයක් මේ සඳහා අයදුම්කර ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර මෙම දෙසැම්බර් මස 27 වනදායින් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පලකිරීමට කටයුතු කරන අතර අයදුම්කරුවන්ට එම වෙබ් පිටුව පරිශීලනය කර අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 45,000කට අධික ප්‍රමාණයක් සේවය කරනවා. දිවයින පුරා හෙද පුහුණු පාසල් 17ක හෙද සිසු සිසුවියන් 6500කට අධික ප්‍රමාණයක් පුහුණු පාඨමාලාවල ද නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?