AFC Banner
AFC Banner
Empty Ad

හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහි පෙත්සමේ කරුණු තහවුරු කිරීමට දින දෙයි

හිටපු සුරාබදු කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 27 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම අද (07) දින නියම කළා.

පෙත්සම අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම සම්බන්ධව කරුණු තහවුරු කිරීමට අවශ්‍ය බැවින් ඊට දින නියම කරන ලෙසයි.

ඒ අනුව එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

බලපත්‍රලත් මත්පැන්හල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මඟින් පවසා සිටින්නේ, පසුගිය රජය සමයේ පවතින නීතිය උල්ලංඝණය වන පරිදි මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

නමුත් එම අතුරු තහනම් නියෝග උල්ලංඝනය කරමින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුවන් පෙත්සම ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?