හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ රාජකාරී පැහැර හැරීමක් ගැන අධිකරණයට තොරතුරු

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමක් සිදු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම කරුණු ඉදිරිපත් කළේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන විභාගය පැවැත්වෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණ දුන් නඩු තීන්දුව දෝෂ සහිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවත් එම කණ්ඩායම විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් සිටි නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් ලැබූ ලැබී තිබූ බවත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියාසිටියේ එසේ ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූයේ නම් මෙම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.

එසේ නොකිරීම තුළින් හිටපු පොලිස්පතිවරයා රාජකාරිය පැහැර පැහැර හැරීමක් සිදු කර ඇති බවත් ඔහු කියා සිටියා.

මෙම ප්‍රහාරය සිදු කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ නම් පවා අනාවරණය වී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගැනීම මෙම බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට පිටුවහලක් සහ පහසුවක් වූ බවයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?