හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ රාජකාරී පැහැර හැරීමක් ගැන අධිකරණයට තොරතුරු

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමක් සිදු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම කරුණු ඉදිරිපත් කළේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන විභාගය පැවැත්වෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණ දුන් නඩු තීන්දුව දෝෂ සහිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවත් එම කණ්ඩායම විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් සිටි නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් ලැබූ ලැබී තිබූ බවත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියාසිටියේ එසේ ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූයේ නම් මෙම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.

එසේ නොකිරීම තුළින් හිටපු පොලිස්පතිවරයා රාජකාරිය පැහැර පැහැර හැරීමක් සිදු කර ඇති බවත් ඔහු කියා සිටියා.

මෙම ප්‍රහාරය සිදු කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ නම් පවා අනාවරණය වී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගැනීම මෙම බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට පිටුවහලක් සහ පහසුවක් වූ බවයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56