හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා සජබෙට එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.

1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකුද නාත්තන්ඩිය ආසනයේ සංවිධායක වරයාද වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාවට යන ලදී.

උසස් අධ්‍යාපනයෙන් පසු සිය පියාගේ අඩිපාරේ යමින් 1988 වසරේ පොදුජන පෙරමුණට එක්වූ ඒ මහතා වයඹ පළාත් සභාවට තේරී පත්විය. ඉන්පසුව 2000 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර අසුනක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් විය. එසේම 2004 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2007 දී නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් විය. එමෙන් ම 2010 මැතිවරණයෙන්ම ජය ලැබීනේ අනතුරුව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස තේරී පත්විය. හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් සංවිධාකයවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු අමාත්‍යධුර දැරූ කාලය තුළ තරුණයන් වෙනුවෙන් සහ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කිරීමට ඔහුට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?