වෙඩි තැබීමකට පැමිණි වෙඩික්කරුවෙක් පහර කෑමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහලේ

කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ නිවසකට පැමිණ නිවෙසියාට වෙඩි තැබීමට උත්සාහ කළ තුවක්කුකරුවෙකුට එම නිවෙස් හිමියා විසින් පුටුවකින් සහ කැත්තකින් පහර දී තිබෙනවා.

එලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු පොලිස් අත්අඩංගුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඔහු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ 4ක් ද සොයාගෙන තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ අලව්ව, අලුත් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි ‘පෙත්තා’ නැමැති අයෙකු තමාගෙන් ලබාගත් ණය මුදලක් යළි ලබාදීම සඳහා ඊයේ (28) සිය නිවසට පැමිණි බවත්, එහිදී ඔහු සමඟ පැමිණි නාඳුනන පුද්ගලයෙක් විසින් තමාට වෙඩි තැබීමට උත්සාහ කළ බවයි.

එම අවස්ථාවේ දී තමන් වෙඩි තැබීමට තැත්කළ පුද්ගලයාට නිවසේ තිබූ පුටුවකින් සහ කැත්තකින් පහර දුන් බවත් එම අවස්ථවේ දී ‘පෙත්තා’ නැමැත්තා පලාගිය බවයි නිවසේ හිමිකරු පොලිසියට පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06