හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා සජබෙට එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.

1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකුද නාත්තන්ඩිය ආසනයේ සංවිධායක වරයාද වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාවට යන ලදී.

උසස් අධ්‍යාපනයෙන් පසු සිය පියාගේ අඩිපාරේ යමින් 1988 වසරේ පොදුජන පෙරමුණට එක්වූ ඒ මහතා වයඹ පළාත් සභාවට තේරී පත්විය. ඉන්පසුව 2000 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර අසුනක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් විය. එසේම 2004 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2007 දී නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් විය. එමෙන් ම 2010 මැතිවරණයෙන්ම ජය ලැබීනේ අනතුරුව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස තේරී පත්විය. හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් සංවිධාකයවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු අමාත්‍යධුර දැරූ කාලය තුළ තරුණයන් වෙනුවෙන් සහ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කිරීමට ඔහුට හැකි විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00