හිටපු ජනපති යාපනයේ සංචාරයක (ඡායාරූප)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයකට එක්වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පළමුව ආගමික නායකයින් හමුවී ආශිර්වාද ලබාගැනීම සිදු වූ බවයි.

පළමුව යාපනය නාග විහාරයට ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආගමික වතාවත්වල නිරත වෙමින් නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මිගහජඳුරේ සිරිවිමල නායක හිමියන්ගෙන් ආශිර්වා ද ලබා ගනු ලැබුවා.

අනතුරුව යාපනය රදගුරු නිවසේදී යාපනය රදගුරු ජස්ටින් ඥාන ප්‍රකාශම් පියතුමන් හමු වූ ඔහු උන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට පැමිණි හිටපු ජනාධිපතිවරයා කෝවිලේදී විශේෂ දේව මෙහෙයකට ද සහභාගී වුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ යාපනයේ හින්දු ආගමික නායකයින් අතර සාකච්ඡාවක් පැවත්වීමට ද නියමිතව ඇති අතර පසුව යාපනය ජුම්මා පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී එහි නායකයින් හමුවීමට ද නියමිතයි.

පසුව යාපනයේ කොණ්ඩාවිල්හි ඉදිකෙරුනු ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ද සැලසුම් කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී යාපනයේ විශේෂ හමුවිම් සහ සාකච්ඡා කිහිපයක් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47