AFC Banner
AFC Banner
Empty Ad

හැටන් බස් අනතුරේ රියදුරා රිමාන්ඩ්

හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරේ බස් රථය පැදවූ රියදුරා මේ මස 26 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නා.

රෝහල වෙත පැමිණි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබදව කරුණු විමසා රෝහල තුළම රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද්දේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ රියදුරා නාවලපිටිය, නව තිස්පනේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?