ඊයේ (18) රාත්‍රී 07.30ට පමණ ජා ඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ගමන්ගත් වෑන් රථයක්, ජා ඇල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී වෑන් රථයේ එක් රෝදයක් දුම්රිය හරස් මාර්ගයේ පීල්ලක් අතර සිරවී තිබෙනවා.
එලෙස සිරව තිබුණු රෝදය ඉන් මුදවා ගැනීම සඳහා උත්සහ දරමින් සිටින අතරතුර දී කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රිය ද එම ස්ථානයට ළඟා වෙමින් පැවතියා.
කෙසේ වෙතත් අදාළ වෑන් රථය අසළ සිටි පුද්ගලයෙක් දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට දිව ගොස් මේ සම්බන්ධයෙන් දුම්රියේ රියදුරුට සංඥා කර තිබෙනවා.
ඒ අනුව දුම්රියේ වේගය අඩාල කරමින් දුම්රිය නවතා ගැනීමට රියදුරු දැරූ උත්සාහය සාර්ථක කරමින් සිර වී තිබූ වන රථයට අඩි එකහමාරක් පමණ ආසන්නයේ දී දුම්රිය නවතා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.














Greate
Ape hithawathAta sthuthi wantha wana athara van eke riyaduru .ahathaatath eseema wenarh aya sitiyaanam siyalu denaatath. Aasirwaada karana athara kinam ho pera pin ethi nisa anatura welekweegiya bawa sitha. Beeraageneemata wee yam kala ethumaata geergaayu petheema. Owun wisinma kala yuthu webawa ..