අවසන් තරගයෙන් පසු හර්දික් පාණ්ඩ්‍යා පෙන්වූ මනුස්සකම (වීඩියෝ)

සංචාරක දකුණු අප්‍රිකාව සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඊයේ (19) අවසන් වුණේ තරගාවලියේ ජය ඉන්දියාව හිමිකරගනිමින්.

දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව මෙම තරගාවලිය ජයගත්තේ තරග තුනට එකක් ලෙසයි.

ලක්නව් ක්‍රිකට් ක්‍රීඩාංගණයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිව්වන විස්සයි විස්ස තරගය එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවුණා.

ඒ අනුව පළමු, තුන්ව සහ පස්වන තරග ඉන්දියාව ජයගත් අතර, දකුණු අප්‍රිකාව ජයගත්තේ සිව්වන තරගය පමණයි.

දෙරට අතර පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ඊයේ (19) අහමදාබාද් හිදී පැවති අතර, මෙම තරගය ලකුණු 30කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී තරගයේ වීරයා බවට පත්වන්නට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හැකියාව ලැබුණා.

මේ අතර හර්දික් පාණ්ඩ්‍යා තරගයෙන් අනතුරුව කැමරා ශිල්පියෙක් අසළට ගොස් සිය කණගාටුව ප්‍රකාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාලවල සංසරණය වනවා.

පාණ්ඩ්‍යා පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාව තමා මුහුණදුන් පළමු පන්දුවටම එල්ලකරන හයේ පහර, හතරේ සීමාවෙන් එපිට, සීමාවට ආසන්නයේ කැමරාකරණයේ නියැලී සිටි කැමරා ශිල්පියෙකුගේ වම් අතේ පන්දුව වදිනවා.

එහිදී පන්දුව වැදීමෙන් දී ඔහු දැඩි වේදනාවට පත්වන අතර, ඉන්දීය කණ්ඩායමේ වෛද්‍යවරයා පැමිණ ඔහුට ප්‍රතිකාර කරනු ලබනවා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව කැමරා ශිල්පියා අසලට පැමිණෙන හර්දික් පාණ්ඩ්‍යා ඔහුගේ තත්ත්වය විමසා සිදුවූ සිදුවීමට කණගාටුව පළකර ඔහුව වැළඳගන්නා ආකාර සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58