ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තුටු පඬුරු දෙන්න එපා – පොලිස්පතිගෙන්, පොලිස් පොඩ්ඩන්ට විශේෂ දැනුම්දීමක්

නව වසර උදාව සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වැනි විශේෂිත අවස්ථාවල දී පොලිස් සේවය තුළ ඇතැම් නිලධරයන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්ට සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු (Hampers) පිරී නැමීම මෙන් ම ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධරයන් ඒවා භාර ගැනීම ද සිදුකරන බව අනාවරණය වී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක සඳහන් වනවා.

එම ලිපිය පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරි සහ අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් ,දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්
මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙතට යොමුකර තිබෙනවා.

මේ අනුව මින් ඉදිරියට ඉහත සඳහන් අවස්ථාවල හෝ වෙනත් අවස්ථාවක කිසිඳු නිලධාරියෙක් විසින් පොලිස්පතිවරයාහට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට හෝ සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු (Tlampers) පිරි නැමීම සිදු නොකළ යුතු බවත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැන්නක් භාර ගැනීම ද සිදු නොකළ යුතු බවත් පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කළ එම ලිපියේ දන්වා තිබෙනවා.

යම් නිලධාරියෙක්ට මෙවැනි විශේෂිත අවස්ථාවක පොලිස්පතිවරයාට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධරයක් සුභ පැතීම සඳහා අවශ්‍ය වන්නේ නම්, පුද්ගලිකව හමුවීම අවශ්‍ය නොවන අතර දුරකථනයෙන් ඇමතීම හෝ වටස්ඇප් (WhatsApp) මඟින් කෙටි පණිවුඩයක් යොමු කිරීම වැනි ක්‍රම වේදයක් ඔස්සේ සුභ පැතීම සිදු කළ හැකි බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඉහත උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරනු ලබන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට අදාළ අධි නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බව ද එම ලිපිය මඟින් දන්වා තිබෙනවා.

එම උපදෙස් ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන්ට ද අදාළ වන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40