හික්කඩුව නගර සභාවේ මාලිමා අයවැය තෙවන වරටත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබෙනවා.

එම නගර සභාවේ සභාපති යසස්වින් ගොඩකන්දගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සභාව රැස් වූ අවස්ථාවේදී මෙලෙස තෙවන වරටද අයවැය ඉදිරිපත් කර ඇති අතර එහිදී ද එක් වැඩි ඡන්දයකින් අයවැය පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඡන්ද විමසුමේදී අයවැයට පක්ෂව ඡන්ද ඡන්ද 9ක් සහ විපක්ෂට ඡන්ද 10ක් ලැබී තිබෙනවා.