සිරිමාවෝ විද්‍යාලයේ මතභේදාත්මක සිද්ධිය ගැන ආදි ශිෂ්‍යා සංගමයෙන් නිවේදනයක්

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා (19) පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ දී ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය සඳහන් කරන්නේ, මෙම සිදුවීම පිළිබඳව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ, සඳහා සුදුසුකම් ලත් ක්‍රීඩා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කර සාධාරණ, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ පිහිනුම් ක්‍රීඩිකාව සහ ස්කොෂ් ක්‍රීඩිකාව පාසලට ගෞරවයක් ගෙන දුන් දක්ෂ සිසුවියන් බවයි ආදි ශිෂ්‍යා සංගමය පවසන්නේ.

පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේ දී සිසුවියක් වේදිකාවට පැමිණ කියා සිටියේ, තමන් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලබා තිබියදීත්, පෙර පුහුණුවීම්වලට සහභාගී නොවීම කියන හේතුව මත තමන්ට හිමි විය යුතු සම්මානය අසාධාරණ ලෙස අහිමි කර ඇති බවයි.

මේ අතර අදාළ සිදුවීම පිළිබඳව විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළා.

  1. ගෑනුනේ…… ගෑණු වෙනස් වෙන්නේ කළුවරේදී සහ ඔවුන්ගේ නම විතරයි. ගැහැණියක් විසින්ම ගැහැණියකට අපහාස කරනු ඇත. මා පිරිමියෙක් නිසා කියනවා නොව.පිරිමියෙක් කවදාවත් පිරිමියෙකුට ඊර්ෂ්‍යා නොකරයි.නමුත් ගැහැණිය උදාහරණයක් ලෙස කිරුළු පැරණි කුමරියන් කී දෙනෙක් ඔවුන්ගේ කිරුළු ගලවා දමා අපහාස කර ඇතිද

  2. සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුයි. ඒ සඳහා අපක්ෂපාතීන් විනිශ්චයක් කිරීම වඩා සුදුසුයි. පාසල්මෙ මෙන්ම දහම් පාසල් තුළද මෙවැනි තත්ත්වයන් බොහෝ සේ දැක ගතහැකිය. මෙම සිදුවීම පක්ෂපාතී තීරණ ගන්නා විදුහල්පති ගුරුවරු කාටත් තමන් කරන දේ පිළිබඳව දේවාරයක් සිතීමට අවස්ථාව සලසා ඇත.

  3. It’s good but,,see how much of Suffering &how much of harresment, they did specialy to the world reqagnized champion, usually we should give priority who were near leave the school,both students are suffering..we. should avoid these kind of harresments by teachers, otherwise we will loose good talents in our future..we should monitor all before the ceremony rather than after the everything happened. We found lot of girls loose there lives due to these kind of favorations taken by school teachers
    .Thank you

  4. කිසියම් උත්සවයකට පෙර, පෙර හුරුවක් පවත්වන්නේ එහි අවශ්‍යතාව නිසාමය. කෙතරම් පදක්කම් ලබා තිබුණද අදාළ සිසුන් හා වෙනත් සියලුම දෙනා ඒ සඳහා සහභාගී විය යුතුය.. එයට නොපැමිණීමට අවසරදිය හැක්කේ ඔහු හෝ ඇය තමාගේ කාර්‍යයන් උත්සවයට අනුකූළව කරගෙන යා හැකි බව සංවිධායක මණ්ඩලයට පිළිගත හැකිබව සහතික කිරීමකින් පමණි. එසේ නොමැති නම් ත්‍යාගය ලැබීමට ඔහු හෝ ඇය සුදුසු නැති බව මගේ හැඟීමයි. පාසලේ නීති රීතිවලට ඔවුන් අවනත විය යුතුවේ. නැති නම් ඒවා වැරදි පූර්වාදර්ශයන් විය හැකිය.

  5. If the students participated in the competition and brought fame to school, they should be rewarded. It is so unfair the school treated the students. If there is such rules then they should be able to provide evidence and besides, if those are legitimate, then why the students were allowed to participate?.

  6. As sportsmen and sportswomen, the first lesson is learning to accept both winning and losing with grace. My son, an Olympian, faced moments like this many times along his journey. I always told him that the world isn’t always fair—not just in sports, but in everyday life. Challenges and obstacles are part of the path, and each one teaches us how to grow stronger. Life wasn’t always fair to him, but patience, resilience, and dedication carried him to the highest stage a sportsman can reach—the Olympics. 🏅
    Ps. Meeting the criteria for this award, I think the selection committee has done a fair job.

  7. It is possible that she was victimized, which is certainly an unfortunate situation for a promising student. However, I believe the more significant issue is that the school, coaches, and parents may not have adequately fostered the qualities of a good sportsperson in her. She has already demonstrated her abilities to the world, so she may not feel the need to prove anything further to the school. The core attributes of a commendable sportsperson include determination and resilience.

  8. කොයි තරම් දක්ෂ යෙක් වුනත් වැඩක් නැහැ පුහුණුවීම් වලට එන්නෙ නැත්නම්. විනය පළමුවෙන්. මම හරි දක්ෂ ය , මාව නැතිව බැහැ කියන මතයේ අලි ඔලුවෙන් ඉන්න අය හිතනව මාව කොහොම වුනත් ගන්නව යන මතයේ ඉන්නව. වර්ණ ප්‍රදාන පෙරහුරුවට කලින් අවසර නොගෙන ආවෙ නැත්නම් , ඒක පාසැලේ විදුහල්පතිනිය හා විනය භාර ගුරුතුමියට හැකියාවක් තිබිය යුතුයි ඉඩදිය හැකිද නැද්ද යන්න තීරණය කිරීමට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43