බංගලාදේශයේ මීළග අගමැති පුටුව වසර 17කින් මව්බිමට ගිය තාරික් රහ්මාන්ට ද ?

බංගලාදේශයේ 2008 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් අවාමි ලීගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි වීමත් සමඟ 2006 වසර වන තෙක් එරට අගමැතිවරිය ලෙස කටයුතු කළ ඛලීඩා ස්සියාගේ පුත්‍රයා වන තාරික් රහ්මාන් මව්බිම අතහැර එක්සත් රාජධානිය කරා සංක්‍රමණය වුණා.

ඒ වන තෙක් බංගලාදේශයේ දේශපාලන භුමිකාවේ සක්‍රීයව කටයුතු කළ ඔහු මෙලෙස සිය මව්බිම අත්හැර සංක්‍රමණය වීමට ප්‍රධානතම හේතුව පැවති ආරක්ෂක තත්ත්වය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් රාජධානියේ රැඳී සිටින කාලය අතරතුරද දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ ඔහු, මේ වන විටත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

කෙසේ වෙතත් වසර 17කට පසුව නැවතත් තාරික් රහ්මාන් අද (25) බංගලාදේශය කරා පැමිණෙනු ලැබුවා.

ඒ ඔහුගේ බිරිඳ සහ දියණියද සමඟයි.

මෙලෙස වසර 17කට පසුව මව්බිමට පැමිණි තාරික් රහ්මාන් දැකබලා ගැනීමට සහ පිලිගැනීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත බංගලාදේශ වැසියන් ඩකා අගනුවර වෙත පැමිණ තිබෙනවා.

60 හැවිරිදි තාරික් රහ්මාන් එළඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත බංගලාදේශයේ මහ මැතිවරණයේ දී අගමැති ධුරය සඳහා තරග කරන ප්‍රමුඛ තරඟකරුවෙක් ලෙස ඉස්මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08