කුසල් මෙන්ඩිස්ගේ BPL පුහුණුකරු හදිසියේම පුහුණුවීම් අතහැර ක්‍රීඩාංගණයෙන් පිටව යයි

බංගලාදේශ ප්‍රිමියර් ලීගය හෙවත් BPL විස්සයි විස්ස තරගාවලිය, බංගලාදේශ ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රිකට් තරු රැසකගේ සහභාගීත්වයෙන් හෙට (26) බංගලදේශයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් එක්වන අතර හෙට දිනයේදී ආරම්භක දිවා තරගය ලෙස සිල්හෙට් ටයිටන්ස් සහ රාජ්ෂාහි වොරියර්ස් තරග වදින අතර රාත්‍රී තරගය ලෙස නොකාලි එක්ස්ප්‍රස් සහ චැටෝග්‍රෑම් රෝයල්ස් තරග වැදීමට නියමිතයි.

මේ අතර තරගාවලිය ආරම්භ වීමට එක් දිනක් පමණක් ඉතිරිව තිබියදී නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායම අද (25) පළමු තරගයට පෙර සිය අවසන් පුහුණු සැසිය සඳහා එක්වුණා.

කෙසේ වෙතත් පුහුණුවීම් ආරම්භ කර කෙටි වෙලාවක් ඇතුළත නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන කලීඩ් මහමුද් පුහුණු වීම් අතහැර දමා ක්‍රීඩාංගනයෙන් පිටතට පැමිණ තිබෙනවා.

එලෙස හදිසියේම පුහුණුවීම් අතහැර දමා ඉවත්ව යාම පිළිබදව ක්‍රීඩාංගනයෙන් පිටත රැඳී සිටි මාධ්‍යවේදීන් ඔවුගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු සහ අනෙකුත් පහසුකම් නොමැති බවත් එවන් තත්ත්වයක් මත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ තව දුරටත් කටයුතු කළ නොහැකි බවයි.

“මේ තත්වයන් යටතේ මම BPL හි වැඩ කරන්නේ නැහැ. මම මීට පෙර කවදාවත් BPL හි මෙය දැක නැහැ,” යැයි මාධ්‍ය වෙත පවසමින් ඔහු අසළ තිබූ ත්‍රීරෝද රථයකට නැග කණ්ඩායමේ සහය පුහුණුකරු ජුබෙයාර් සමඟ ක්‍රීඩාංගනයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්, ඇෆ්ගන්නිස්ථානයේ මොහොමඩ් නබී ඇතුළු සුපිරි විදෙස් ක්‍රීඩකයින් රැසක් සිය කණ්ඩායම සඳහා මෙම තරගවාරය සඳහා එක්කර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06