සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරියක් අඩි 30ක ප්‍රපාතයකට පෙරළී යයි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට පත්ව තිබෙනවා.

හැටන් සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ රථයක් මෙලෙස අනතුරට මුහුණ දී ඇති අතර අනතුරෙන් රියදුරුට හෝ වෙනත් කිසිවෙක්ට තුවාල සිදුවී නැහැ.

අදාළ ස්ථානයේ ඇති විශාල වංගුවක් ගැනීමේ දී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම ප්‍රපාතයට පෙරළී ඇති බව මූලික විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.

​සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52