Empty Ad
AFC Banner
Empty Ad

හරීන්ගේ නැන්දම්මා බෑනාට දේශපාලනය කරන හැටි උගන්වයි (වීඩියෝ)

දේශපාලනය කරන අයුරු සිය මාමණ්ඩිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වින්සන්ට් ඩයස්ගෙන් හෝ ඉගෙන ගන්නා ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නැන්දම්මා වන සුසිලා ඩයස් මහත්මිය පවසනවා.

සුසිලා ඩයස් මහත්මිය අද (11) පස්වරුවේ බදුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ; අද දහවල් බදුල්ල නගරයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වූ සිය බෑනා වන හරීන් ප්‍රනාන්දුගේ ක්‍රියාවට සිය විරෝධය පළ කරමින්.

ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වදින හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අද බදුල්ල නගරයේ ප්‍රවර්ධන වැඩසටහනක් සිදුකර ඇති බවටයි වාර්තා වූයේ.

එය නතර කිරීමට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් හා පොලීසිය කටයුතු කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී ඔවුන් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බවත්, පස් දෙනෙකුට වැඩි පිරිසක් එක්ව ප්‍රචාරක කටයුතු සිදුකළ නොහැකි බවත් පවසමින් එම කාර්යාලයේ නිලධාරින් විසින් අදාළ පිරිස විසුරුවා හැරීමට කටයුතු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙනුයි හරීන් ප්‍රනාන්දු මහතාගේ නැන්දම්මා වන සුසිලා ඩයස් මහත්මිය අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිය බෑනාට උපදෙස් ලබා දුන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ සුසිලා ඩයස් මහත්මිය ද මෙවර මැතිවරණයට තරග වදිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
7
+1
135
+1
6
+1
5
+1
8
+1
22
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?