හරිත හයිඩ්‍රජන් සඳහා ඉන්දියාව ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි – අගමැති මෝදි

අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (11) හරිත හයිඩ්‍රජන් පිළිබඳ 2 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් හරිත හයිඩ්‍රජන් අංශය සඳහා ප්‍රතිපත්ති සැකසීමට ක්‍රම යෝජනා කරන ලෙස ගෝලීය විද්‍යා ප්‍රජාවෙන් ඉල්ලා සිටියා.

“හරිත හයිඩ්‍රජන් අංශයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට විද්‍යාඥයින්ට සහ නවෝත්පාදකයින්ට යෝජනා කළ හැකියි. හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය, භාවිතය සහ අපනයනය සඳහා ඉන්දියාව ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපට අවශ්‍යයි. ” අගමැති මෝදි පැවසුවා.

ලෝකය තීරණාත්මක පරිවර්තනයක් හරහා ගමන් කරමින් සිටින බවත් බලශක්ති සංක්‍රාන්තිය සහ තිරසාරභාවය සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

හරිත බලශක්තිය පිළිබඳ පැරිස් පොරොන්දු ඉටු කළ G-20 ජාතීන් අතර පළමුවැන්නා ඉන්දියාව බව අගමැති මෝදි පෙන්වා දුන්නා.

හරිත හයිඩ්‍රජන්වල ප්‍රතිලාභය ගැන කතා කරමින් අගමැති මෝදි පැවසුවේ එය විද්‍යුත්කරණය කිරීමට අපහසු කර්මාන්ත, පිරිපහදු, පොහොර, වානේ, බර ප්‍රවාහනය සහ එවැනි බොහෝ ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ ලබාගත හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?