AFC Banner
AFC Banner
Empty Ad

“හරක් කටා’ සහ “කුඩු සලිඳු” මැඩගස්කර් ගුවන්තොටේ දී අත්අඩංගුවට

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවශ්‍යව සිටි අපරාධකරුවන් වන නදුන් චින්තක නොහොත් “හරක් කටා”සහ සලිඳු මල්ෂික නොහොත් “කුඩු සලිඳු” අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මැඩගස්කරයේ ගුවන් තොටුපලකදී තවත් සිව්දෙනෙකු සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ මැලේසියානු ජාතික බිරිඳ ද වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 01 වනදා මැඩගස්කරයෙන් පිටව යෑමේදී බවයි වාර්තා වුණේ.

පසුගිය පෙබරවාරි 12 වනදා පෞද්ගලික ජෙට් යානයකින් හරක් කටා ඇතුළු මෙම පිරිස මැඩගස්කරයට පැමිණ ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?