AFC Banner
Empty Ad
Empty Ad

හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ අවසන් කටයුතු අද

පසුගිය 07 වනදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අනුලා ජයතිලකගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අද (30) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කැළණිය,වේවැල්දූව පොදු සුසන භූමියේ දී ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ සේවය කරමින් සිටිය දී එල්ල වූ හමාස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් අනුලා ජයතිලකගේ දේහය පසුගිය සෙනසුරාදා පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා.

අනතුරුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් මීගමුව මහ රෝහලේ දී සිදුකිරීමෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන්ට භාර දුන්නා.

සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණේ වෙඩි ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?