AFC Banner
Empty Ad
Empty Ad

හමාස් ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සුජිත්ගේ දේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට

ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටිය දී හමාස් ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සුජිත් යටවර බණ්ඩාරගේ දේහය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අද (07) එම දේහය මෙලෙස භාර දී ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය ඔක්තෝබර් 07 වන දින එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ප්‍රාණ ඇපකරුවකු ලෙස රැගෙන ගොස් ඇති බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මිය ගොස් ඇති බවට පසුගිය දා තහවුරු කරගනු ලැබුවා.

හඳුනා නොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ ඩී.එන්.ඒ සාම්පල පරීක්ෂා කිරීමක් ඔස්සේ ඒ බව තහවුරු වූ බවයි ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව දන්වා තිබුණේ.

අදට මාස 07කට පෙර හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?