හමාස් ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සුජිත්ගේ දේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට

ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටිය දී හමාස් ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සුජිත් යටවර බණ්ඩාරගේ දේහය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අද (07) එම දේහය මෙලෙස භාර දී ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය ඔක්තෝබර් 07 වන දින එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ප්‍රාණ ඇපකරුවකු ලෙස රැගෙන ගොස් ඇති බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මිය ගොස් ඇති බවට පසුගිය දා තහවුරු කරගනු ලැබුවා.

හඳුනා නොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ ඩී.එන්.ඒ සාම්පල පරීක්ෂා කිරීමක් ඔස්සේ ඒ බව තහවුරු වූ බවයි ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව දන්වා තිබුණේ.

අදට මාස 07කට පෙර හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46