හබරාදූව වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි

හබරාදූව හීනටිගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

අද (24) උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා.

ඔවුන් හීනටිගල ප්‍රදේශයේම පදිංචිකරුවන්. මෙම යුවළ ත්‍රී රෝද රථයකින් දරුවන් පාසලට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

තුවාල ලැබූ ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදීයි පිරිමි පුද්ගලයා මරණයට පත්වුණේ.

වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් පිස්තෝල අවියක් භාවිත කර වෙඩි තැබීම සිදුකර ඇති බවට ද හෙළිවී තිබෙනවා.

මියගිය පුද්ගලයා 2013 වසරේදී හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන අතර ඒ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතිනවා.

එමෙන්ම ඔහු 2021 වසරේදී උණවටුන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත් වී මේවන විට ඇප මත නිදහස්ව සිටින අයෙක් බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අද සිදු වූ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී ඇති අතර මෙම පුද්ගලයා ඉහත මනුෂ්‍ය ඝාතනවල සැකකරුවෙකු වීම සහ මෙම වෙඩි තැබීම අතර සම්බන්ධතාවක් පවතී ද යන්න හෙළි කර ගැනීමට මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හබරාදූව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
9
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?