හබරාදූව වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි

හබරාදූව හීනටිගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

අද (24) උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා.

ඔවුන් හීනටිගල ප්‍රදේශයේම පදිංචිකරුවන්. මෙම යුවළ ත්‍රී රෝද රථයකින් දරුවන් පාසලට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

තුවාල ලැබූ ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදීයි පිරිමි පුද්ගලයා මරණයට පත්වුණේ.

වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් පිස්තෝල අවියක් භාවිත කර වෙඩි තැබීම සිදුකර ඇති බවට ද හෙළිවී තිබෙනවා.

මියගිය පුද්ගලයා 2013 වසරේදී හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන අතර ඒ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතිනවා.

එමෙන්ම ඔහු 2021 වසරේදී උණවටුන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත් වී මේවන විට ඇප මත නිදහස්ව සිටින අයෙක් බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අද සිදු වූ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී ඇති අතර මෙම පුද්ගලයා ඉහත මනුෂ්‍ය ඝාතනවල සැකකරුවෙකු වීම සහ මෙම වෙඩි තැබීම අතර සම්බන්ධතාවක් පවතී ද යන්න හෙළි කර ගැනීමට මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හබරාදූව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12