AFC Banner
AFC Banner
Empty Ad

හදිසියේ ම සිර කුටියේ ඇද වැටුණු රැඳවියාගේ තත්ත්වය බරපතළයි!

හලාවත පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු බිම වැටීමෙන් සිදු වී ඇති අනතුරකින් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති පුවතක් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම රැඳවියාගේ තත්ත්වය බරපතළ බවයි.

මේ හේතුවෙන් තුවාල ලැබූ රැඳවියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ දැදුරුඔය පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කලක දී සිය බිරිඳගෙන් වෙන් වී ඇති අතර සිය මව සමග ජීවත් ව ඇති බවත් වාර්තා වනවා.

සැක කටයුතු ලෙස හලාවත නගරයේ රැඳී සිටි සැකකරුවන් කිහිපදෙනෙකු ව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් හලාවත පොලිස් සිරමැදිරියේ රඳවා තබා ඇති බවත් හෙළි ව තිබෙනවා.

එසේ රඳවා සිටි එක් සැකකරුවෙකු සිරමැදිරියේ බිම ඇද වැටී සිටින බව දැක ඇති පොලිස් නිලධාරියෙකු ඔහු ව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ රැඳවියාගේ තත්ත්වය බරපතළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?