හදිසියේ ම සිර කුටියේ ඇද වැටුණු රැඳවියාගේ තත්ත්වය බරපතළයි!

හලාවත පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු බිම වැටීමෙන් සිදු වී ඇති අනතුරකින් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති පුවතක් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම රැඳවියාගේ තත්ත්වය බරපතළ බවයි.

මේ හේතුවෙන් තුවාල ලැබූ රැඳවියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ දැදුරුඔය පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කලක දී සිය බිරිඳගෙන් වෙන් වී ඇති අතර සිය මව සමග ජීවත් ව ඇති බවත් වාර්තා වනවා.

සැක කටයුතු ලෙස හලාවත නගරයේ රැඳී සිටි සැකකරුවන් කිහිපදෙනෙකු ව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් හලාවත පොලිස් සිරමැදිරියේ රඳවා තබා ඇති බවත් හෙළි ව තිබෙනවා.

එසේ රඳවා සිටි එක් සැකකරුවෙකු සිරමැදිරියේ බිම ඇද වැටී සිටින බව දැක ඇති පොලිස් නිලධාරියෙකු ඔහු ව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ රැඳවියාගේ තත්ත්වය බරපතළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15