සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

උදා වූ 2022 නව වසරේදී රට විවෘතව තබා ගනිමින් සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා සියලු පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කලේ, මෙරටින් හඳුනාගත් නව ඔමික්‍රොන් ආසාදිතයින් හතළිස් එක්දෙනෙකුගේ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඊයේ ප්‍රකාශ කලා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කලේ, ඉන් 7 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි විදේශිකයන් බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 49 ක්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ විනෝදාස්වාදයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවයි.

තවත් කොරෝනා ආසාදිතයන් 499 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 587,245ක් දක්වා ඉහළ ගියා.මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,979ක් දක්වා ඉහළ ගියේ මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 17 ත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03