සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගැන මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)

මේ දිනවල නව රජය යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කෙරෙමින් ඇති පසුබිමක පෙර පාර්ලිමේන්තුවේ ශේෂ පත්‍රය ගෙන පරීක්ෂා කර බලා එම පත් කිරීම් සිදු කිරීමට අවධානය යොමු කරන ලෙස ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා.

අද (25) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මංජුල ගජනායක මහතා ඉල්ලා සිටියේ; පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වන වෛද්‍ය පාලිත මහීපාලගේ පත්වීම පිළිබඳ ව යළිත් ජනපති හා අගමැති ප්‍රමුඛ කණ්ඩායම සලකා බලන්නේ නම් වඩාත් සුදුසු බවයි.

ඊට හේතුව ලෙස විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ පසුගිය මැතිවරණ කාලසීමාවල දී සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි ලේකම්වරයා රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් දේශපාලන පක්ෂ සඳහා හැසිරුණේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම වඩාත් යහපත් දේශපාලන ක්‍රමයක් සඳහා සුදුසු වනු ඇති බවයි.

එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා සිය අත්සන යෙදීම සම්බන්ධයෙන් ද ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාගේ ස්තුතිය ජනාධිපතිවරයා වෙත පළ කර තිබෙනවා.

ඔහු පෙන්වාදෙන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ මන්ත්‍රීවරුන්ගෙන් 1/3ක් පමණක් ප්‍රගතිශීලී දේශපාලනයක නිරත වූ බවත් සෙසු සියල්ල ම සිදු කළේ පක්ෂ මාරු කරමින් කටයුතු කිරීම, කොන්ත්‍රාත් සපුරා ගැනීම සහ පවුල් නඩත්තු කිරීම බවයි මංජුල ගජනායක මහතා අවධාරණය කර සිටියේ.

එමෙන්ම මහ මැතිවරණයෙන් පසු දෙසැම්බර් හෝ ජනවාරි මස අග දී පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවත් මෙවර පාර්ලිමේන්තුවට වයස්ගත දේශපාලනය වෙනුවට සියයට 60ක තරුණ දේශපාලන නියෝජනයක් ඒමේ හැකියාවක් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

1947 මහ මැතිවරණයෙන් පසුව පැවැත්වෙන රාජ්‍ය දේපළ අවභාවිත කරමින් පැවැත්වූ දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණය මෙය විය හැකි බවට ද මංජුල ගජනායක මහතා ඉඟි පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
22
+1
2
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?