සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගැන මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)

මේ දිනවල නව රජය යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කෙරෙමින් ඇති පසුබිමක පෙර පාර්ලිමේන්තුවේ ශේෂ පත්‍රය ගෙන පරීක්ෂා කර බලා එම පත් කිරීම් සිදු කිරීමට අවධානය යොමු කරන ලෙස ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා.

අද (25) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මංජුල ගජනායක මහතා ඉල්ලා සිටියේ; පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වන වෛද්‍ය පාලිත මහීපාලගේ පත්වීම පිළිබඳ ව යළිත් ජනපති හා අගමැති ප්‍රමුඛ කණ්ඩායම සලකා බලන්නේ නම් වඩාත් සුදුසු බවයි.

ඊට හේතුව ලෙස විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ පසුගිය මැතිවරණ කාලසීමාවල දී සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි ලේකම්වරයා රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් දේශපාලන පක්ෂ සඳහා හැසිරුණේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම වඩාත් යහපත් දේශපාලන ක්‍රමයක් සඳහා සුදුසු වනු ඇති බවයි.

එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා සිය අත්සන යෙදීම සම්බන්ධයෙන් ද ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාගේ ස්තුතිය ජනාධිපතිවරයා වෙත පළ කර තිබෙනවා.

ඔහු පෙන්වාදෙන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ මන්ත්‍රීවරුන්ගෙන් 1/3ක් පමණක් ප්‍රගතිශීලී දේශපාලනයක නිරත වූ බවත් සෙසු සියල්ල ම සිදු කළේ පක්ෂ මාරු කරමින් කටයුතු කිරීම, කොන්ත්‍රාත් සපුරා ගැනීම සහ පවුල් නඩත්තු කිරීම බවයි මංජුල ගජනායක මහතා අවධාරණය කර සිටියේ.

එමෙන්ම මහ මැතිවරණයෙන් පසු දෙසැම්බර් හෝ ජනවාරි මස අග දී පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවත් මෙවර පාර්ලිමේන්තුවට වයස්ගත දේශපාලනය වෙනුවට සියයට 60ක තරුණ දේශපාලන නියෝජනයක් ඒමේ හැකියාවක් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

1947 මහ මැතිවරණයෙන් පසුව පැවැත්වෙන රාජ්‍ය දේපළ අවභාවිත කරමින් පැවැත්වූ දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණය මෙය විය හැකි බවට ද මංජුල ගජනායක මහතා ඉඟි පළ කර තිබෙනවා.

  1. මේ video එකෙයි type කරලා තියෙන 1947 පසුව පැවැත්වෙන මැතිවරණය ගැන කියන කොටසේ අර්ථය වෙනස්.

  2. අවුරුදු ගණනාවකට පස්සේ පත්වෙච්ච හොඳම සෞඛ්‍ය ලේකම්වරයා මෙතුමා. දේශපාලනයක් ඈඳගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්න හදන්න එපා. මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ කියන්න කලින් හොඳට කරුණු හොයලා බලන්න

  3. කොහෙන්හරි අටව ගත්ත NGO එකකට අමුතු නමකුත් දාගෙන පණ්ඩිතයො වගේ කියවන රස්තියාදු කාරයන්වත් NGO ත් අහෝසිකර දැමැය යුතුයි. ජනාධිපතිතුමා ගත්ත තීරනයක් මෙි පිස්සන්ට අභියෝග කරන්නතරම් තියෙන දැනුම මොකක්ද? නිලධාරියෙකු ගත්තහම ඒ පුද්ගලයා භාරදූර අමාත්‍යාංශයක කටයුතු කොයිතරම් අපහසුතා මැද කරල තියෙනවද කියල එය තේරුම් අරන් ඒ ගැන අවබොධයෙන් තමයි ජනාධිපතිතුමා පත්වීම කරල තියෙන්නෙ. කට ඇදකරල පොත්ටිකක් ඉස්සරහ ඉඳන් කතාකරල ජනාතාව නොමග යවනවා විපක්ෂ දේශපාලකයන් වගේම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56