AFC Banner
Empty Ad
Empty Ad

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු හට තියුණු ආයුධයකින් බෙල්ල ප්‍රදේශයට පහරදී ඝාතනය කර ති‌බෙනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඌව පරණගම බ්‍රෙෆින් වතුයායේ පදිංචි වයස අවුරුදු 37 ක එක් දරු පියෙක්.

මිය ගිය තැනැත්තා අසල පිහිටි තැබෑරුමෙන් සුරා පානය කොට තවත් පුද්ගලයින් පිරිසක් සමග ප්‍රධාන මාර්ගය අසල කතා බහ කරමින් සිටියදී මෙම තියුණු ආයුධයෙන් පහරදීමට ලක්ව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තා වැලිමඩ දිවුරුම්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

දෙදෙනා අතර සිදුවු බහින්බස් වීමකින් පසු මෙම පහර දීම සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුද මේ අවස්තාවේ බීමත්ව සිට ඇති අතර සැකකරු විසින් මිය ගිය පුද්ගලයා හට පහර දෙන අයුරු CCTV දර්ශන වල සටහන් වී තිබෙනවා.

එහිදී පෙනී යන්නේ පහර කෑ පුද්ගලයා බෙල්ල ප්‍රදේශය අතකින් වසාගෙන දිවයන අයුරුයි.

කෙසේ වුවද පසුව ඔහු මාර්ගයේම මිය ගොස් ඇති අතර සැකකරු එම ස්ථානයේ සිටි අනෙක් අය හටද පහර දීමට උත්සාහ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

CCTV දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?