AFC Banner
AFC Banner
Empty Ad

සුළු සුළු තීරණවලින් අපිට අසාධාරණයක් වුණා (වීඩියෝ)

ක්‍රීඩකයින් තව දුරටත් කැපවීමෙන් කටයුතු කළහොත් ඉදිරියේ පැමිණෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳ ස්ථානයකට පැමිණිය හැකි බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ අද (25) පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ද සනත් මෙහි දී අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ සුළු සුළු විනිසුරු තීරණවලින් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට ද අසාධාරණයක් වූ බවයි.

ඒ, හේතුවෙන් අවාසනාවන්ත ලෙස තරගය පරාජයවීමට සිදු වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?