AFC Banner
AFC Banner
Empty Ad

සුළි කුණාටුවක් ගැන අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ඉතා චණ්ඩ බිපොර්ජෝයි සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහායි.

එහි දැක්වෙන්නේ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති මෙම බිපොර්ජෝයි සුළි කුණාටුව අද 2.30 වන විට උතුරු අක්ෂාංශ 14.6ත් නැගෙනහිර දේශාංශ 66.0ත් ආශ්‍රිතව ස්ථානගතව පවතින බවයි.

එය ඉදිරි පැය 36 තුලදී උතුරු දෙසට බරව වයඹ දෙසට ආසන්නව ගමන් කරනු ඇති.

ඉදිරි පැය 24 තුළ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 8ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 60ත් 73ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ වන අතර වටින් විට පැයට කිලෝමීටර් 90ක් 100ක් පමණ දක්වා වැඩි විය හැකියි.

ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර විටින් විට දළ වශයෙන් රළු විය හැකි බවයි දැක්වෙන්නේ.

එසේම තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ හේතුවෙන් උතුරු අක්ෂංශ 8ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 60ත් 73ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?