සුසිල්ව එලවා දැමූ කවුරුත් නොදත් හේතුව හෙළිවෙයි

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් පදනම් කරගෙන බවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පසුගිය දා අනාවරණයක් සිදු කළා.

ඒ අනුව රට තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව සතුව විසඳුම් නොමැති වීම හේතු කොටගෙනත්, ආණ්ඩුව ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වීම හේතුකොට ගෙනත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් සිදුව ඇති බවට බුද්ධි අංශ වාර්තා කොට ඇති බවට සැකයක් මත මෙසේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍ය තනතුරෙන් ඉවත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලසීමාව පුරා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවත්, එහිදී අවුරුද්දක කාලයකට නව ප්‍රධානියකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා යම් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළ යුතු බවට යෝජනා වී ඇති බවක්ද දැනගන්නට තිබෙනවා.

ඒ සඳහා විපක්ෂයේ සහාය ලබාගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා වටයක් පැවැත්වී ඇති බවද වාර්තා වනවා.

එසේ අවුරුද්දක කාලයකට පිහිටුවාගනු ලබන අන්තර්වාර ආණ්ඩුවක් යටතේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමටත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, අඩුපාඩු ඉවත් කොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි පණගැන්වීමටත් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

වසරක කාලයකින් පසු මහ මැතිවරණයකට යෑමටද එහිදී යෝජනා වී ඇති බවක්ද වාර්තා වේ.

මෙම ක්‍රියාවලියෙහි ප්‍රධාන මැදිහත්කරුවකු වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත හඳුනාගෙන තිබීම මෙසේ ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතු පාදක වී ඇති බවද දැනගන්නට තිබේ.

  1. මේ වගේ තියෙන්නෙ ධනවාදය සහ සමාජවාදය අතර ගැටුමක්. දනවාදී ආන්ඩු එකතු කරපු දේවල් වූ සමාජවාදී ආණ්ඩු වියදම් කරා . සමාජවාදී ආණ්ඩුව එකතු කරපු දේවල් දනවාදී ආන්ඩු වියදම් කරා . ධනවාදී ආණ්ඩු පත් කරල සමාජවාදී විසඳුම් බලාපොරොත්තු නොවිය යුතු යි. සමාජ වාදය ආණ්ඩු පත් කරලා ධනවාදී විසදුම් බලාපොරොත්තු නොවේ යුතුයි. බණ්ඩාරනායක මහත්තයා සමගි පෙරමුණු හැදුවහම ජේ ආර් ජයවර්ධන අපි දිනුවත් පැරදුණත් දිනුම් කිව්වේ ඒ නිසයි.

    • “දිනුවත් පැරදුනත් අපි දිනුම්” කියල කියනකොට JR අපි කියල කීවේ ධනවාදී ක්‍රමයෙන් දුෂිත , අධික ලාභ උපයමින් සිට්‍ ඔහුගේ පැලැන්තියේ ව්‍යාපරික සමූහයටයි. නැතුව UNP ට ජන්දය දෙන දුප්පත් ජනතාවට නොවේ, මන්ද එකල රැකියාවක් ගන්න්නත් ඔවුන්ගේ පක්ෂවලට ජන්දය දිල තියෙන්නෙ ඕන. පැරදුනොත් ඔවුන් පැරදුනාම තමතමයි, ඔවුන් දිනන්න තව අවුරුදු 5ක් බලා ඉන්නවා.