සුරාබදු කොමසාරිස් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ වාරණය දීර්ඝ කෙරේ

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් සිව්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විදෙස්ගත නොවන බවට ලබා දුන් පොරොන්දුව ලබන වසරේ ජනවාරි 20 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර තිබෙනවා.

නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම අද (06) මුර්දු ප්‍රනාන්දු ,ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මින්⁣ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දී එම පොරොන්දුව දීර්ඝ කිරීමට එකඟතාව පළ කෙරුණා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ.එම්.පි අරම්පත් සහ නියෝජ්‍ය සුරා බදු කොමසාරිස්වරුන් වන කේ.ධර්මසිලන් සහ සී.ජේ විරක්කොඩි යන නම් කර තිබෙනවා.

නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළව එම මෝසම ඉදිරිපත් කෙරුණා.

පෙත්සම මගින් පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ අධිකරණයට අපහාස කිරිමේ නඩුවකට මුහුණ පා සිටින මෙම වගඋත්තරකරුවන් රටින් පිටවීමට සුදානම්ව ඇති බවත් එසේ රටින් පිටව ගියහොත් නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවීමට ඉඩ ඇති බවයි.

එම නිසා ඔවුන්ට එරෙහිව විදේශගත වීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටියා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් එම පෙත්සම ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03