AFC Banner
AFC Banner
Empty Ad

සුරාබදු කොමසාරිස් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ වාරණය දීර්ඝ කෙරේ

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් සිව්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විදෙස්ගත නොවන බවට ලබා දුන් පොරොන්දුව ලබන වසරේ ජනවාරි 20 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර තිබෙනවා.

නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම අද (06) මුර්දු ප්‍රනාන්දු ,ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මින්⁣ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දී එම පොරොන්දුව දීර්ඝ කිරීමට එකඟතාව පළ කෙරුණා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ.එම්.පි අරම්පත් සහ නියෝජ්‍ය සුරා බදු කොමසාරිස්වරුන් වන කේ.ධර්මසිලන් සහ සී.ජේ විරක්කොඩි යන නම් කර තිබෙනවා.

නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළව එම මෝසම ඉදිරිපත් කෙරුණා.

පෙත්සම මගින් පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ අධිකරණයට අපහාස කිරිමේ නඩුවකට මුහුණ පා සිටින මෙම වගඋත්තරකරුවන් රටින් පිටවීමට සුදානම්ව ඇති බවත් එසේ රටින් පිටව ගියහොත් නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවීමට ඉඩ ඇති බවයි.

එම නිසා ඔවුන්ට එරෙහිව විදේශගත වීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටියා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් එම පෙත්සම ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?