AFC Banner
AFC Banner
Empty Ad

සුපිරි වෙළඳසැලක සොරකමක්

පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළද සැලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ කිරිපිටි තොගයක් සොරාගෙන ගොස් තිබෙනවා.

වෙළඳසැල ඉදිරිපස වීදුරු දොර කිසියම් ද්‍රව්‍යයක් භාවිතයෙන් කඩා, වෙළඳ සැලට ඇතුළු වී ලාච්චු 2ක තිබූ මුදල් සහ එම ලාච්චු සහිත මේසයේ අභ්‍යන්තරයෙහි තබා තිබූ මුදල් සොරා ගෙන ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අද (10) අලුයම කුඩා ලොරි රථයකින් පැමිණ තිබූ කීප දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස වෙළඳසැලට ඇතුල් වී ඇති බවට සැක කෙරෙනවා.

මුදල් තොගය පොහොර බෑගයකට දමා, අනතුරුව කිරිපිටි පැකට් 50 කට අධික ප්‍රමාණයක් ද එම බෑගයට දමා ගෙන සැකකරුවන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අලුයම් කාලයේ දී වෙළඳසැලේ හිමිකරුට ශබ්දයක් ඇසී ඇති නමුත් ඔහු එය එතරම් ගණන් නොගෙන නින්දට ගොස් ඇතැයි සඳහන්.

පැමිණි පුද්ගලයන් දෙදෙනකු සොරකම සිදු කරන අයුරු වෙළෙඳ සැලේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවේ ද සටහන්ව තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අලුබෝමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?