සුපිරි වෙළඳසැලක සොරකමක්

පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළද සැලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ කිරිපිටි තොගයක් සොරාගෙන ගොස් තිබෙනවා.

වෙළඳසැල ඉදිරිපස වීදුරු දොර කිසියම් ද්‍රව්‍යයක් භාවිතයෙන් කඩා, වෙළඳ සැලට ඇතුළු වී ලාච්චු 2ක තිබූ මුදල් සහ එම ලාච්චු සහිත මේසයේ අභ්‍යන්තරයෙහි තබා තිබූ මුදල් සොරා ගෙන ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අද (10) අලුයම කුඩා ලොරි රථයකින් පැමිණ තිබූ කීප දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස වෙළඳසැලට ඇතුල් වී ඇති බවට සැක කෙරෙනවා.

මුදල් තොගය පොහොර බෑගයකට දමා, අනතුරුව කිරිපිටි පැකට් 50 කට අධික ප්‍රමාණයක් ද එම බෑගයට දමා ගෙන සැකකරුවන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අලුයම් කාලයේ දී වෙළඳසැලේ හිමිකරුට ශබ්දයක් ඇසී ඇති නමුත් ඔහු එය එතරම් ගණන් නොගෙන නින්දට ගොස් ඇතැයි සඳහන්.

පැමිණි පුද්ගලයන් දෙදෙනකු සොරකම සිදු කරන අයුරු වෙළෙඳ සැලේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවේ ද සටහන්ව තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අලුබෝමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56