ප්‍රේමය ප්‍රතික්ෂේප කර මරු වැළඳගත් ටික්ටොක් සුරූපිනිය

පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළ දී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

සානාගේ ආදරය ඉල්ලා තරුණයෙකු විසින් කළ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව යි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

සානා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත්තේ ජුනි 02 වැනි දිනයේදී වන අතර, වෙඩි ප්‍රහාරය එල්ල වන විට ඇගේ මව ද ඒ ආසන්නයේ සිට තිබෙනවා.

ඇගේ 17 වන උපන්දිනය යෙදී තිබුණේ ද ඉකුතු මැයි 29 වනදාය.

ඝාතනයට සැකපිට 22 හැවිරිදි උමර් හයාත් නම් තරුණයෙකු පාකිස්තාන පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර් 320ක් පමණ දුරින් පිහිටි ෆයිසලාබාද්හි පදිංචිකරුවෙක්.

සැකකාර ඝාතකයා කලක සිට සානාගේ ආදරය ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු බව සඳහන්.

කෙසේ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඇය ඔහුගේ ආදර යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සානා ඝාතනයට ලක් වූ දින ද ඔහු, සානා හමුවීමට පැය කිහිපයක් උත්සාහ කළත් එය අසාර්ථක වී නැහැ.

ඒ හේතුවෙන් ඔහු බලහත්කාරයෙන්ම සානාගේ නිවසට ඇතුළු වී මෙම වෙඩිතැබීම සිදු කර තිබෙනවා.

සානාගේ මව විසින් ලබා දී ඇති ප්‍රකාශය අනුව වෙඩික්කරු පිස්තෝල ගිනිඅවියකින් සානා ආසන්නයටම පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

ඇගේ සිරුරේ වෙඩි උණ්ඩ දෙකක් තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සානාගේ ටික්ටොක් ගිණුමේ මිලියන 1.3කට වැඩි අනුග්‍රාමිකයන් පිරිසක් සිටින අතර, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද ලක්ෂ 7කට ආසන්න අනුගාමිකයින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10