භාවිතයට නුසුදුසු විදේශයේ නිෂ්පාදිත රූපලාවන්‍ය ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග මාර්ගගත ක්‍රමය ඔස්සේ අලෙවිකරන ස්ථාන දෙකක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
ලැබුණු පැමිණිල්ලකට අනුව රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ සහ අඹගහ හන්දිය ප්‍රදේශයේ පවතවාගෙන ගිය මෙම අලෙවිකරන මධ්‍යස්ථානය දෙක පවත්වාගෙන ඔස ඇති බවයි වාර්තා වුණේ.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ස්ථාන දෙකේ සිදුකළ පරීක්ෂා කිරීම්වල දී නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින වෙනස්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ රූපලාවන්‍ය නිෂ්පාදන රැසක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව මෙම මධ්‍යස්ථාන දෙකෙන් සොයාගත් රූපලාවන්‍ය ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග මෙරටට ගෙන්වූ ආයතනයක් හෝ පුද්ගලයෙක් පිළිබඳව කිසිඳු සඳහනක් නොමැති බවයි වැටලීම සිදුකළ නිලධාරීන් පැවසුවේ.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබූ එන ස්ථාන දෙකට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති අතර, එම ස්ථාන දෙක පවතවාගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළා.













