සංගගේ රාජස්ථාන් කණ්ඩායමේ කළමනාකරු ගැන විමර්ශනයක් – දූෂණ විරෝධී නීති උල්ලංඝනය කරලා

කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකාරිත්වය දරණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන රෝමි බින්දර්ට දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි තරගය අතරතුර ඔහු වෛභව් සූර්යවංශි සමඟ කණ්ඩායමේ ඩග්අවුට් එකේ වාඩි වී සිටිය දී බින්දර් ඔහුගේ දුරකථනය භාවිත කරමින් සිටින අයුරු නිරීක්ෂණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

බින්දර් එලෙස ඩග්අවුට් එකේ සිටිය දී තම දුරකථනය භාවිත කරන වීඩියෝව සමාජ මාධ්‍යවල පළ වීමත් සමඟ, එය මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී සහ ආරක්ෂක ඒකකය විසින් බින්දර්ට නොතීසියක් යවා ඇති අතර, විමර්ශනයේ කොටසක් ලෙස ඔහු දුරකථනය භාවිත කළේ මන්දැයි පැහැදිලි කරමින් පිළිතුරු ඉදිරිපත් කිරීමට පැය 48ක් ලබා දී ඇති බවයි.

මේ අතර IPL පාලක මණ්ඩලයේ සභාපති අරුන් ධුමාල් පවසන්නේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ගොනු කරන ලෙස දූෂණ විරෝධී සහ ආරක්ෂක ඒකකයෙන් ඉල්ලා සිටි බවයි.

බින්දර් දුරකථනය භාවිත කිරීම සෞඛ්‍ය ගැටලුවක් සමඟ සම්බන්ධ විය හැකි බවට ද වාර්තා වී ඇති අතර, රාජස්ථාන් කණ්ඩායම් කළමනාකරු අතීතයේ දී බරපතල සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

පෙනහළු ආබාධයක් හේතුවෙන් ඔහු දිගු කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති අතර, වෛද්‍ය හේතූන් මත බින්දර්ට තම දුරකථනය ඩග්අවුට් වෙත රැගෙන යාමට අවසර දී ඇතත්, එහි වාඩි වී සිටියදී ඔහුගේ දුරකථනය භාවිත කිරීමට අවශ්‍ය නිදහස ඔහුට තවමත් හිමිව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44