සුදුවෙන්න ක්‍රීම් ගානවා නම්, බෙහෙත් බොනවා නම් ප්‍රවේශමෙන් (වීඩියෝ)

භාවිතයට නුසුදුසු විදේශයේ නිෂ්පාදිත රූපලාවන්‍ය ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග මාර්ගගත ක්‍රමය ඔස්සේ අලෙවිකරන ස්ථාන දෙකක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලකට අනුව රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ සහ අඹගහ හන්දිය ප්‍රදේශයේ පවතවාගෙන ගිය මෙම අලෙවිකරන මධ්‍යස්ථානය දෙක පවත්වාගෙන ඔස ඇති බවයි වාර්තා වුණේ.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ස්ථාන දෙකේ සිදුකළ පරීක්ෂා කිරීම්වල දී නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින වෙනස්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ රූපලාවන්‍ය නිෂ්පාදන රැසක් සොයාගෙන තිබෙනවා.

මීට අමතරව මෙම මධ්‍යස්ථාන දෙකෙන් සොයාගත් රූපලාවන්‍ය ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග මෙරටට ගෙන්වූ ආයතනයක් හෝ පුද්ගලයෙක් පිළිබඳව කිසිඳු සඳහනක් නොමැති බවයි වැටලීම සිදුකළ නිලධාරීන් පැවසුවේ.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබූ එන ස්ථාන දෙකට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති අතර, එම ස්ථාන දෙක පවතවාගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13