සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
පැලවත්තේ පිහිටි මෙම සමාගමේ මෙහෙයුම් නිලධාරීවරයා ලෙස තමන් ජුනි මස 27 වැනි දින සිට සේවයෙන් ඉල්ලා අස්වන බවයි එම ලිපියේ සඳහන් වන්නේ.
තමන් හට මෙහෙයුම් නිලධාරී තනතුරෙන් ඉවත් වන ලෙසට කර්මාන්ත අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමට හේතු වූයේ සිය පෞද්ගලික මුහුණුපොතේ පළ වූ ප්‍රකාශිතයක් බවට අමාත්‍යවරයා පැවසූ බව ද එම ලිපියේ දැක්වෙනවා.
දේශීය සීනි කර්මාන්තය දැඩි ලෙස අගාදයකට යමින් පවතින සමයක මාගේ ප්‍රකාශයේ ගැඹුරු හරය ඔබතුමාට හෝ ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයේ ඉහළ නිලධාරීන්ට නුදුරු දිනක දී ම වැටහෙනු ඇති බවයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන් නුවන් ධර්මරත්න මහතා සඳහන් කර ඇත්තේ.
නුවන් ධර්මරත්න මහතා යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්..





