spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සීමා නිර්ණය ජාතිවාදය අවුලවන්නක් – පාර්ලි‍මේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්

දේශපාලන නායකයෙකු ලෙස තමා පසුගිය කාලයේ සම්පූර්ණයෙන්ම රැවටුන බවත් එලෙස රැවටුන දිනයේ සිට එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස තමා කටයුතු කරන අතර ත්‍රස්තවාදි පනත හා IMF කාරණය පිළිබදව පාර්ලිමේන්තුවේදි ඡන්දය පාවච්චි කිරීම පිළිබදව තීරණය වෘත්තිය සමිතියට හා ඡන්දදායකයන්ට බාරදී අවසාන බවත් සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ඊයේ (23) දින පස්සරදී පැවසීය .

පස්සර පුස්තකාල ශ්‍රවනාගාරයේදී ලංකා වතු කම්කරු සංගමයේ නිලධාරින් පිරිසක් සමඟ සිදුකළ සාකච්වඡාවකින් පසු ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා,

” ත්‍රස්තවාදි පනත හා IMF කාරණය පිළිබදව පාර්ලිමේන්තුවේදි ඡන්දය පාවිච්චි කිරීම පිළිබදව තීරණය කිරීමට මම මගේ ඡන්දදායකයන්ට බාරදී අවසානයි .

එයාලගේ තීරණය අනුව 28 දා මම පාර්ලිමේන්තුවේදි එය ක්‍රියාත්මක කරනවා මම තනි පුද්ගලයෙක් ලෙස තීන්දු ගන්නේ නැහැ මට කාටවත් ඒ පිළිබදව නියෝග කරන්නත් බැහැ මට ඡන්දය දීපු මගේ ජනතාව කියයි මම මොනවද කරන්න ඕන කියලා ලංකා වතු කම්කරු සංගමය හා බදුල්ල දිස්ත්‍රික්කයේ වතු අංශයේ අපි ස්වාධිනව ඉන්නේ .ඒ විදියට මමත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ඉන්නවා .

පසුගිය දවස්වල මට වෙච්ච දේවල් සියල්ල අපේ ආසනයේ හා වතුකරයේ ජනතාව දන්නවා .දේශපාලන නායකයෙක් ලෙස අපි සම්පූර්ණයෙන්ම රැවටුනා .

රැවටිච්ච දවසේම මම මාධ්‍යයට ප්‍රකාශ කළා එම පක්ෂයේ සියළු තනතුරු වලින් අස්වෙනවා පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙක් ලෙසකටයුතු කරනවා කියා .ඒ ස්ථාවරතයේ මම තවම ඉන්නවා .

සීමා නිර්ණකාරණ පිළිබදවත් මම දැඩි අප්‍රසාදය පල කරනවා .විශේෂයෙන්ම කන්ද උඩරට සිංහල ,මුස්ලිම්, දෙමල ජනතාව අත්වැල්බැදගෙන ජීවත්වෙච්ච ප්‍රදේශයක්.අපි අතර කිසිදු ප්‍රශ්ණයක් නැහැ .

මම මහින්ද දේශප්‍රිය මහත්යාට ගරුකරනවා එතුමා මැතිවරණ කොමසාරිස් ලෙස හිටියා එතුමා හොද නායකයෙක් .මම එතුමාගෙන් ඉල්ලිමක් කරනවා මේක නීතිගත කරන්න ඉස්සරවෙලා නැවත සැරයක් පරීක්ෂාකර බලන්න කියලා .ලොකු වැරැද්දක් වෙලා තියෙනවා .දෙමළ සිංහල මුස්ලිම් ජනතාව අතර ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන විදියට මේ සීමානිර්ණ කටයුතු කරලා තියෙනවා .

සියයට පනහක් නියෝජිතයන් අඩුවීම වෙනම ප්‍රශ්ණයක් . අපට අවශ්‍ය කන්ද උඩරට සිංහල ජනතාව ඉන්න තැන සිංහල දෙමළ ජනතාව ඉන්න වතුකරයේ දෙමළ මන්ත්‍රී මුස්ලිම් ජනතාව ඉන්න පැත්තට මුස්ලිම් මන්ත්‍රී සියළු ජනයා ඉන්න නියොජනයක් අපි තෝරන්න ඕන .

නමුත් දැනට හෙළිකරලා තියෙන විස්තරය බලනකොට මේක ලොකු ජාතිවාදී ප්‍රශ්නයක් . මම කියන්නම් මේ සීමා නිර්ණය මේ රටේ තවත් ප්‍රශ්න ඇති කරන්න එපා වගකීම ඇති නිලධාරින් වගකීමෙන් කටයුතු කරන්න කියලා ඉතා කාරුණිව ඉල්ලා සිටිනවා .මේක ගැසට් කරන්න එපා ඊට කලින් අපි වගේ අය සාකච්ඡා කරන්න අපි දන්නවා මේ පැත්තේ භූමියේ තත්වය හා දේශපාලනතත්වය එහේ සාකච්ඡා කරලා සියළුම ජනතාවගේ නියෝජිතයන් පත් කරන ක්‍රමයට මේක කරන්න කියලා කියනවා .

අනිත් එක තමයි ත්‍රස්තවාදී පනත ඒ සම්බන්ධයෙන් වගේම IMF එකට ඡන්දය දීම පිළිබදව මගේ ඡන්ද දායකයන්ට හා මගේ සංගමයේ ජනතාවට බාර දීල ඉවරයි

එම තීරණය 28 වනදා පාර්ලිමේන්තුවේදි ක්‍රියාත්මක කරනවා එච්චරයි මගේ රාජකාරිය ,
තනි පුද්ග‍ලයෙක් ලෙස මම තීන්දු ගන්නේ නැහැ මට නියෝග දෙන්නත් බැහැ . මම ඉන්නේ ස්වාධිනව .

මට ඡන්දයදිපු ජනතාවත් මගේ සංගමයත් තීරණය කරයි මොකක්ද කරන්න ඕන කියලා එම තීන්දුව මම පාර්ලිමෙන්තුවේදි ක්‍රියාත්මක කරනවා .

ඒ වගේම අවුරුදු හැට හැත්තැවේ අම්මලා ලුනුගල පොලිසිය විසින් ඇරස්ට කරලා ඒ ගැනත් මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා .

අවුරුදු කන්න රුපියල් දාහක් ගත්ත වතුකරයෝ ජනතාවට නඩුදාල තියෙනවා ඒ පිළිබදව රජය තීන්දුවක් ගත යුතුයි වතුකරය කියන්නේ වෙනම ආණ්ඩුවක් නොවෙයි යැයිදි පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?