අහුංගල්ලේ වෙඩි තැබීම බබාගේ පළිගැනීමක් බව හෙළිවෙයි

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) සිදු වූ වෙඩි තැබීම අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය බදාදා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ පළිගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා.

පසුගිය බදාදා සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ කීර්තිසේන ආබෘෘ යන අයගේ පුතා වන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන නදීෂ් කුමාර ආබෲ නොහොත් ‘අහුංගල්ලේ බබා’ යන ඊයේ (10) සිදු වූ වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ඊයේ (10) පස්වරුවේ අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් වයස අවුරුදු 54ක සිවනෙත්ති පියල් ගාමිණී නැමති අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ රැඳී සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති අතර, එම පුද්ගලයාට වෙඩි ප්‍රහාර 05ක් එල්ල වී ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රථිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (10) රාත්‍රියේ සිදුකළ බවයි අහුංගල්ල පොලිසිය සඳහන් කළේ.

මේ අතර පසුගිය බදාදා (08) රාත්‍රියේ අහුංගල්ල – ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ පොලිස් වසමේ මාන්වැලිදූව, සුදු වැලිපොත ප්‍රදේශයේ ගිනි තබා තිබිය දී පොලිසිය විසින් ඊයේ (10) උදෑසන සොයාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06