දඹුල්ල – හබරණ පාරේ මාරක අනතුරක් – කතක් මරුට, 09ක් රෝහලේ

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහා ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 09 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

සීගිරිය, ඉනාමළුව ප්‍රදේශයේ විවාහ මංගල්‍යකට සහභාගි වී හබරණ දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයක් සහ හබරණ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් කාන්තාවක් වන අතර, එහි ගමන් ගත් තවත් හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙක් ඇතුළු ඇතුළු කාන්තාවන් දෙදෙනෙක් ද සිටින අතර, දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බැවින් දඹුල්ල මූලික රෝහලේ සිට මහනුවර මහ රෝහල වෙත මාරු කර යව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු තවත් දෙදෙනෙක් ද තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගොස් ඇත්තේ හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි සීගිරිය පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14