ඇන්ඩර්සන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ තීරණයක

එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙන බව බව වාර්තා වනවා.

ඒ, අනුව එළඹෙන ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ඔහුට අවුරුදු 42ක් වන අතර, අගෝස්තුවේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඇන්ඩර්සන්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය වනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමුකිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමඟ ඇන්ඩර්සන්ගේ විශ්‍රාම ගැනීම ඉක්මන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත ක්‍රිකට් පාලනාධිකාරියේ තීරණය එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් ඇන්ඩර්සන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

2003 වසරේ මැයි මස 22 වනදා ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ කණ්ඩායම එරෙහිව සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවිය ඇරඹු ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්ත වෙනුවෙන් ටෙස්ට් තරග 187කට ක්‍රීඩාකර තිබෙනවා.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති වේග පන්දු යවන්නා බවට පත්ව සිටින ඇන්ඩර්සන් බිඳහෙළා ඇති ටෙස්ට් කඩුලු ගණන 700ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32