සීනි කර්මාන්ත ශාලාවල එතනෝල් අතිරික්තයක්

සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳව නිලධාරීන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබුවා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එතනෝල් ආනයනය තහනම් කිරීම හේතුවෙන් සීනි කර්මාන්ත ශාලා මේ වනවිට ලාහ ලබමින් පවතින බව කාරක සභාවේදී අනාවරණය වුණා. සීනි නිෂ්පාදනයයේදී අතුරු නිෂ්පාදනයක් වන මෙම එතනෝල්, මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන බැවින් එම සීනි කර්මාන්ත ශාලාවලට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම වඩාත් ඵලදායී බවයි නිලධාරීන් කරුණු දක්වමින් සඳහන් කළේ.

මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් පමණ වුව ද එම අවශ්‍යතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කෙරෙනුයේ 10%ක ප්‍රමාණයක් නොඑසේනම් මෙට්‍රික් ටොන් 60000ක් පමණක් බව කාරක සභාවේදී අනාවරණය වුණා.

ඒ අනුව 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැළැස්මක් මාස තුනක් තුළ සකසා භාර දෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම සීනි පරිභෝජනය පිළිබඳ මෙරට ජනතාව තුළ පවතින දැනුම ඉතාමත් අල්ප බැවින් නිවැරදි සිනී පරිභෝජන රටාව පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමට ද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසටයි කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවේ.

තල් අරක්කු ඇතුළු ලංකාවේ නිෂ්පාදිත අනෙකුත් මත්පැන් වර්ග සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පැවතිය ද ප්‍රමිතියන්හි පවතින දුර්වලතා හේතුවෙන් වෙළඳපොළ පුළුල් කරගත නොහැකි වී ඇති බව නිලධාරීන් මෙහදී පෙන්වා දුන්නා. ඒ අනුව නිසි ප්‍රමිතීන්ට අනුකූලව මෙරට මත්පැන් වර්ග අපනයනය සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම ද නිලධාරීන් මෙහිදී සිහිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?