සීනි කර්මාන්ත ශාලාවල එතනෝල් අතිරික්තයක්

සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳව නිලධාරීන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබුවා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එතනෝල් ආනයනය තහනම් කිරීම හේතුවෙන් සීනි කර්මාන්ත ශාලා මේ වනවිට ලාහ ලබමින් පවතින බව කාරක සභාවේදී අනාවරණය වුණා. සීනි නිෂ්පාදනයයේදී අතුරු නිෂ්පාදනයක් වන මෙම එතනෝල්, මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන බැවින් එම සීනි කර්මාන්ත ශාලාවලට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම වඩාත් ඵලදායී බවයි නිලධාරීන් කරුණු දක්වමින් සඳහන් කළේ.

මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් පමණ වුව ද එම අවශ්‍යතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කෙරෙනුයේ 10%ක ප්‍රමාණයක් නොඑසේනම් මෙට්‍රික් ටොන් 60000ක් පමණක් බව කාරක සභාවේදී අනාවරණය වුණා.

ඒ අනුව 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැළැස්මක් මාස තුනක් තුළ සකසා භාර දෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම සීනි පරිභෝජනය පිළිබඳ මෙරට ජනතාව තුළ පවතින දැනුම ඉතාමත් අල්ප බැවින් නිවැරදි සිනී පරිභෝජන රටාව පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමට ද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසටයි කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවේ.

තල් අරක්කු ඇතුළු ලංකාවේ නිෂ්පාදිත අනෙකුත් මත්පැන් වර්ග සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පැවතිය ද ප්‍රමිතියන්හි පවතින දුර්වලතා හේතුවෙන් වෙළඳපොළ පුළුල් කරගත නොහැකි වී ඇති බව නිලධාරීන් මෙහදී පෙන්වා දුන්නා. ඒ අනුව නිසි ප්‍රමිතීන්ට අනුකූලව මෙරට මත්පැන් වර්ග අපනයනය සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම ද නිලධාරීන් මෙහිදී සිහිපත් කළා.

  1. seeni nishpaadanayata wadaa ethanol nishpaadanaya laaba nisaa owun ethanol hadanawaa . ema ethanol walin waahana indhna lesa bhawithayata nogena mathpan nipadawaa janathawa maralaa hari mudal hoyanna hadana me wage nirdesha nodee ethanol wenuwata seeni wadipura nipadawaa ganeemata piyawara ganna puluwan



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22