AFC Banner
Empty Ad
Empty Ad

සීතා බලන්න දළඳා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයාත් එයි

පසුගිය දා වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්න නිරීක්ෂණය සහ ප්‍රතිකාර සඳහා මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයාවන තරිදු විජේකෝන් ඊයේ (01) රාත්‍රියේ පැමිණ තිබෙනවා.

එහිදී ඔහු විසින් ඇතින්න පරීක්ෂා කිරිමෙන් අනතුරුව ප්‍රතිකාර සිදුකරනු ලැබුවා.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පසු ඇතින්න පරීක්ෂා කරනු ලැබූ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ලගේ නිර්දේශය අනුව මේ වන විට ඇතින්න සඳහා විශේෂ ලී අට්ටාලයක් නිර්මාණය කර ඒ තුළ ගාල් කර සිටිනවා.

මහියංගණ ඇසල පෙරහැරට සහභාගී වූ මහරගම සීතා ඇතින්නට වන අලියෙකු යැයි සිතා මහියංගණයේ දී පසුගිය 30 වනදා අලුයම 3.30ට පමණ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිළධාරියෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?